රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් පමණ මිලකර ඇති උඳු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඳු කිලෝ 55,000ක්, තිරිඟු ඇට ලෙස රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවේ සිට බහාලුම් 04කින් ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබියදී සොයාගැණුනි.
ශ්‍රී ලංකාවට උඳු ධාන්‍ය ආනයනය කිරීම ආනයන පාලක විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි ආනයනයකරුවෙකු විසින් මෙම උඳු තොගය, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර රේගු නිලධාරීන් විසින් එම ව්‍යාපාරිකයා ව අත්අඩංගුවට ගෙන තිබේ.