නිරන්තරයෙන් වන අලින්ගෙන් පීඩා විදින පොලොන්නරුව දිස්ත්රික්කයේ ඇලහැර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොකුණුගල ගම්මානයේ අද(30) උදෑසන 6.30 ට පමණ තම දරුවාගේ පාසලේ පංතිකාමරය පිරිසිදු කිරීමට තම ත්රීරෝද රථයෙන් කාන්තාවක් පාසලට යමින් සිට ඇත. ඒ අවස්ථාවේදී තම නිවස ඉදිරිපිට මාර්ගය ඉදිරියෙන් පැමිණි වන අලියෙකු රථයට පහර දී ඇත.
අදාළ කාන්තාව වහා නිවස වෙත දිව ගොස් දිවි බේරාගෙන ඇත.
දීර්ග කාලයක සිට සිදුවන ප්රදේශයේ අලි-මිනිස් ගැටුමට නිසි විසදුමක් ලබා නොදුනහොත් අහිංසක ජීවීත රැසක් බිලි ගනු ඇත.
ප්රදේශයේ ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලි ගම් වැදීම නවතා තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙසයි.
බකමුණ – මදුශංක.