Colombo Today Local Newsextremism & terrorism activities

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.

අසාත් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ලෝක ත්‍රස්තවාදියෙකු වන යුසුෆ් අල්-කර්දාවී සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL) පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇත.

එම ලිපිය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාත් සාලි අත්අඩංගුවට ගෙන තිබීම මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත් කරන බව මුස්ලිම් කවුන්සිලය සඳහන් කර ඇත.

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාලි වැරදිකරු නොවන්නේ නම් නිදහස් කරන ලෙස මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිවරයාගෙන් අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL) හී ප්‍රධානියා වන්නේ BBC හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන්ය.

මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව එන්.එම් අමීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දක්වා ඇත.

එම වාර්තාවේ සිංහල පිටපතේ 55 වැනි පිටුවේ ඉනාමුල්ලා, නයිමුල්ලා (මධ්‍යම පළාත් සභාවේ හිටපු සාමාජික) සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් යන තිදෙනා අල්-කර්දාවි සමග ඇසුරු කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නිර්දේශ කර ඇත.

යුස්ෆ් අල් කර්දාවි ආගම්වාදය අවුස්සමින් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවත් ඊජිප්තු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර ඇති බවත් රටවල් කිහිපයකම ත්‍රස්තවාදී ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

Related posts

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday