Colombo Today Local News

කොළ විකුණා ජිවත් වුණු හරක් කටාගේ නැන්දම්මාගේ නමට ලක්ෂ 115ක නිවසක්

මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙහෙයවමින් විදෙස් රටවල සැඟවී සිටින පාතාල ප්‍රබලයන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් හා දේපොළ හඳුනාගෙන රාජසන්තක කිරීමේ සැලසුමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට අරඹා ඇත. මෙම විමර්ශනයේ දී අදාළ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම්, ඔප්පු තිරප්පු හා බැංකු ගිණුම් ගැනද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

මෑතකදී මෙරටට වැඩිපුරම හෙරොයින් ගෙන් වූ බවට කතා බහට ලක් වූ ‘හරක් කටා’ නමැති ඩුබායිහි සිටින බව කියන පාතාලයාට අයත් යැයි කියන ලක්ෂ එකසිය පහළොවක් වටිනා නිවසක් පන්නිපිටියෙන් සොයාගෙන ඇත්තේ මෙම විමර්ශනයේ දීය. හරක් කටාගේ නැන්දම්මාගේ නමට මෙම නිවස තිබී ඇති අතර ඇය පලා වර්ග විකුණා ජීවත් වූ කාන්තාවකි.

පොලිස් වෙඩි පහරකට ලක්ව මියගිය, අංගොඩ ලොක්කාගේ වෙඩික්කරු වූ ‘චමියා’ගෙ අනියම් බිරිඳගේ නමින් පූගොඩ තිබූ රුපියල් ලක්ෂ පනස්පහක් වටිනා නිවසක්ද සොයාගෙන ඇත.

මීට අමතරව ඩුබායි ඉන්දියාව හා යුරෝපා රටවල සිටින මත්කුඩු ජාවාරමුන්ට අයත් සාප්පු සංකීර්ණ, සුඛෝපභෝගී නිවාස, වාහන, වතු පවා හඳුනා ගැනීමේ විමර්ශන අරඹා ඇති බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහන් තිබුණි.

මෙයට අමතරව පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු අයථා ක්‍රමවලින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලදාරීන්ගේ වත්කම්, දේපොළ, බැංකු ගිණුම් සොයා යෑමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.

මේ අනුව දැනට පොලිසියේ දොළොස් දෙනකු, බන්ධනාගාරයේ තිදෙනකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 17 දෙනකුට එරෙහිව ලද පැමිණිලි මත ඔවුන්ගේ වත්කම් හා දේපොළ දිවුරුම් ප්‍රකාශ මගින් ලබාගෙන විමර්ශන ඇරැඹීමටද පියවර ගෙන තිබේ.

නීතිවිරෝධී අයුරින් ඉපැයූ වත්කම් නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව රාජසන්තක කිරීමටද පියවර ගෙන තිබේ.

Related posts

අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි.. මම කාටත් ඇහුම්කන් දීල රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීරණ ගන්නෙ

colombotoday

උසනං සිකුරුටි, මිටිනම් කංකරු කියා රැකියා ප්‍රශ්න විසදන්න බෑ – රවීගෙන් සජිත්ට සැර පහරක්

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

කැස්බෑව පාසලක් අසල බාර් එකක් අරියි.

colombotoday

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday