Colombo Today Local News

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

ධාවනය වෙමින් තිබූ පාසල් වෑන් රථයක හදිසියේම දොර විවෘතවීමෙන් ඉන් ඇදවැටුණු වයස අවුරුදු පහක පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25)දින දහවල් එම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණි.

අදාළ වෑන් රථය, පෙර පාසල් නිමාවී යළි නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් සිට තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ පරගහ ආරාව, ඌව කරඳගොල්ල, ඇල්ල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 5 වන අනුහස් නමැති දරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් වැන් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

Related posts

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

colombotoday

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

අගමැතිගේ හොරගල් ඇහිලීම හා අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි…

colombotoday

ඊළාම්වාදී ඩයස්පොරාව සතුටු කරන්න, යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත්කළ දේශද්‍රෝහී මෙහෙයුම

colombotoday