Colombo Today Local News

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

බස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි මාර්තු මස 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.

මීට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.

මාර්තු 15 වනදා සිට බස්නාහිර පළාතේ 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණි.

Related posts

අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ආරාධනා ලැබුනත් බ්‍රික්ස් සමුළුවට ජනපති නොයයි

Admin

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday