Colombo Today Local News

ආරාධනා ලැබුනත් බ්‍රික්ස් සමුළුවට ජනපති නොයයි

එළැඹෙන BRICS (බි්‍රක්ස්) සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නිලධාරි මට්ටමෙන් සහභාගි වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ශ්‍ර්‍රී ලංකාවට BRICS සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් සහාය වන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් පසුගිය ලංකා සංචාරය අතරතුර ඒ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවලදී ලංකා රජය ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කීවේය.

සංවිධානය තුළ ශ්‍රී ලංකා සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සහාය වන්නැයි ඉන්දියාව ඇතුළු අනෙකුත් සාමාජික රටවල්වලින්ද ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කර ඇති බවත් හෙතෙම පවසා සිටියේය.

රුසියාව, චීනය, ඉන්දියාව, ඉරානය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ඉතියෝපියාව යන රටවල් මෙම අන්තර් මහද්වීපික ඕඅධ්ඛ්ඉ සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබන අතර එහි 16 වැනි සැසිවාරය ලබන 22දා රුසියාවේ කසාන් නගරයේදී ආරම්භ වීමට නියමිතය.

මේ අතර සමුළුව නියෝජනය වෙනුවෙන් ජනාධිපතිවරයාටත් ආරාධනා ලැබී ඇති නමුත් මැතිවරණ කාල සීමාවක් නිසාද ආණ්ඩුවේ ක්‍රියාවලියේ වැඩකටයුතු නිසාද මෙවර සමුළුව වෙනුවෙන් ඒ මහතා සහභාගි නොවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

සචිත්‍ර පෙරේරා

Related posts

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

colombotoday

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

colombotoday