Covid 19

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන පළමු වරට චීනය පසුකරයි

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි.

මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546කි.

චීනයේ මේ වන විට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90,106කි. පුද්ගලයින් 85,309ක් පුර්ණ සුවය ලබා ඇති අතර චීනයේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4,636ක් වේ.

ඊයේ දිනයේ දීත් ආසාදිතයින් 354ක් හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

ඉතිරි පුද්ගලයින් 342 දෙනා දේශීය හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ඒ ආසාදිතයින් 197ක් ලෙසය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් හඳුනාගෙන ඇති බවය.

අනෙක් ආසාදිතයින් 70 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

Related posts

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

colombotoday

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

colombotoday