රුපියල් බිලියන 15කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
විගණාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.