Colombo Today Local Newsfeatured

වීරසේකර ඇමතිතුමා පැය බාගයක් කතා කළා. පොලිස්පති කිවුවා ප්‍රශ්නේ විසඳනවා කියලා. | නීති සිසුවාට පහරදුන් පොලිස් ලොක්කාගෙන් පුරසාරම්.

තමා සමග විනාඩි තිහකට වඩා කතා කර, ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන බව පැවසූ බව නීති ශිෂ්‍යයෙකුට පහර දී වැඩ තහනමට ලක්වූ කැලණිය අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඊයේ (7) කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ වගේම පොලිස්පති තුමා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් සියලුම දෙනා කතා කර “ඔය ප්‍රශ්නේ අපි විසඳනවා පොඩ්ඩක් ඉන්න” යැයි තමාට පැවසූ බවත් ඒ ගැන විශ්වාසය තබාගෙන තමන් සිටින බවත් ලින්ටන් සිල්වා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ බාල පුතනුවන් වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා පසුගියදා පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ මුහුණේ සිදුවූ තුවාල හේතුවෙන් ප්ලාස්ටික් සැත්කමක් පවා සිදුකිරීමට සිදුවූ බව වාර්තා විය.

පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දුන් බවට මීට දින කිහිපයකට පෙරදී මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් පොලීසිය එම උපදෙස තවමත් ක්‍රියාත්මක කර නොමැත.

එවැනි වාතාවරණයක් තුල තමා සමග පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් සහ පොලිස් අමාත්‍යවරයා සිටින බවට පුරසාරම් දොඩමින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් බියවැද්දවීමට මෙන් මාධ්‍ය හමු පැවැත්වීම රටේ නීතියේ සාධාරණත්වය පිළිබඳව ජනතාව තුල ප්‍රශ්නාර්ථයක් ඇති කරන්නකි.

එකක් තිබෙනවා. ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා මගෙත් එක්ක කතා කළා. විනාඩි තිහකට වඩා මගෙත් එක්ක කතා කළා. එතුමා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා කිවුවා. එතුමා මන් දැක්ක හොඳම ගතිගුණ තිබෙන මහත්තයෙක්. ඒ වගේම අපේ පොලිසියේ පොලිස්පති තුමා ඇතුළු උසස් නිලධාරීන් ගණනාවක් සියලුම දෙනා වගේ මට කතා කළා. ඔය ප්‍රශ්නේ අපි විසඳනවා පොඩ්ඩක් ඉන්න කියලා. ඒ එක්කම මගේ සුළු නිලධාරීන් පාලන නිලධාරීන් ඔක්කොම විවිධ තරාතිරමේ නිලධාරීන් අපිත් එක්ක ඉන්නවායි කියනදේ විතරක් අපිට කිවුවා. ඉතින් අපි ඒ ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා.

Related posts

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

රටේ ස්වෛරීත්වය පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියකට ආණ්ඩුව එකග වෙලා – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

පිළියන්දල අධ්‍යාපන කාර්යාලයේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ! ජනවාරි වැඩිකළ වැටුපත් කපයි… ගුරුවරුන් දැඩි අසීරුවේ….

colombotoday

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday