Covid 19

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද (06)දින උදෑසන වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

ඒ අතර කැස්බෑව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙකු සහ සුපිරි වෙළඳසැලක 11 දෙනෙකු ලෙස ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇත .

මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ සමීපතමයින් ඉවත් කොට සඳුදා සිට එම ස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරිහු පවසති.

මීට පෙර නගර සභාවෙන් 10 දෙනෙකුද , සුපිරි වෙළෙඳ සැලෙන් 04 දෙනෙකු ද, ආර්ථික මධ්‍යස්ථානයෙන්13 දෙනෙකු ද වාර්තා වී තිබීම නිසා ඊයේ (05)දින සමීපතමයින් 250 දෙනෙකුගේ පමණ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් තිස් දෙදෙනා හඳුනා ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

Related posts

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8ට කොවිඩ්

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday