Colombo Today Local News

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වත්තේ කාණුවක තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් ඊයේ (05) දින හමු වු බව හැටන් පොලිසිය පවසයි.

හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය මාර්ගයට පහළින් තේ වත්තේ පුද්ගල මළ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් හැටන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සිරුර සොයගෙන තිබේ.

අවු 50 පමණ වයසැති මරණකරු දුඹුරු පාට කමිසයක් සහ සරමක් ඇද සිටි බව පොලිසිය පවසයි.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

ඇමති සැප සමග විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට !

colombotoday

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

Admin