Colombo Today Local News

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ විට එම අධිචෝදනා කියවා භාරදී තිබේ.

එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබීය.

චෝදනා කියවා දීමෙන් පසුව චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළකර සිටී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙවැනි විරෝධතාවයක් ඉදිරිපත් කළ හැක්කේ නඩුවේ මුල් අවස්ථාවේදී බව සඳහන් කළේය.

මේ වන විට විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාර දී ඔහුට අධිකරණය විසින් ඇප ද නියම කර ඇති නිසා මේ වන විට විත්තිකරු අදාල චෝදනාවන්ට යටත් වී ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ හේතුවෙන් මෙම අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කිරීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුනි.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday