Colombo Today Local News

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

කුරුවිට තරුණිය ඝාතනය කර ගෙල කපා දැමීම සැළසුම්සහගතව කළ දෙයක් නොවන බව සිය දිවි හානි කර ගත් පොලිස් නිලධාරිවරයා සිය අවසන් ලිපියේ සටහන් කර තිබෙනවා. එවැනි දෙයක් සිදු නොවුණා නම් හොඳ බව තමන්ට පසුව හැඟුණ බවයි ඔහු බිරිඳ වෙත ලියා ඇති එම ලිපියේ සටහන් වන්නේ.

අම්මාට යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිය බිරිඳගෙන් සමාවද ඉල්ලා මෙම ලිපිය ලියා තිබුණා.

ඝාතනයට ලක් වූ කාන්තාව, බිරිඳට සහ දරුවන්ට බනින්න පටන් ගැනීම නිසා එම සම්බන්ධය නැවත්වීමට යෝජනා කළද ඇය එයට අකමැති වූ බවයි ඔහු ලිපියේ සඳහන් කර ඇත්තේ.

“මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මන් මේකට පැටලුනේ. එත් දැන් ඉතිරි වෙල නෑ කිසි දෙයක්. ඔය හිතින් විඳපු වේදනා මම මගේ ජිවිතෙන්ම විඳිනවා.ඒක මගේ වරද.මම නැති උනාට ඔයාලා බලා ගන්න කෙනෙක් ඇති පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වේ කියන්න.”යනුවෙන්ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

Related posts

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

දොම්පෙට කුණු එපා කියූ විරෝධතාකරුවන්ට පොලීසියෙක් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

Admin

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin