Colombo Today Local News

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරේ.

තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම එම කොමිසමට පැවරෙන තවත් වගකීමකි.

මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා එම කොමිසමට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා එම කොමිසමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටී.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. එම්. සිරිවර්ධන,ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ඩයස් යන මහත්වරු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

colombotoday

මත්පැන්-දුම්වැටි භාවිතා නොකරනවන්නම් කොවිඩ් එන්නත ලබා දෙන්න

colombotoday

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday