Colombo Today Local News

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

nisha bizwalඇමරිකානු ජනාධිපතිවරයා විසින් යොමුකරන කරන විශේෂ පණිවිඩයක් රැගෙන දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් අද (20) අලුයම දිවයිනට පැමිණියාය.

අලුයම 5 ට පමණ මුම්බායිහි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් නිිශා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණ ඇත.

ජිනීවා යෝජනා වලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මන්දගාමී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඇය ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගද නිශා බිස්වාල් මහත්මිය සාකච්ඡා කිරීමට නියමිතය.

නිශා දේසායි බිස්වාල් පසුගිය මාසයේ ද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය.

Related posts

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin