Colombo Today Local News

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ දී සමාජයේ එක් පිරිසකට පමණක් එය ලබානොදි රටේ සමස්ත ජනගහනයටම ලබාදිමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (16)දින පැවති විපක්ෂ නායක ජංගම සේවයේ තවත් අදියරක් හා එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ආණ්ඩුවට මම කියන්න කැමතියි. එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා. එන්නත් ලබාදෙන එක කොටසකට ලබාදීලා හරියන්නේ නැහැ. මේ රටේ සෑම සියලුදෙනාටම ලබාදෙන්න ඕනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂ ක්ෂේත්‍රයේ, කොවිඩ් මර්දන බළකායේ ඒ ඉදිරිපෙළ කණ්ඩායමට මේ එන්නත ලබාදෙන්නට ඕනේ. ඉන්පසුව ප්‍රමුඛතාවය මේ රටේ සාමාන්‍ය ජනතාව. එන්නත් ලබාදෙන විට ලක්ෂ 220ටම ලබාදෙන්නට ඕනේ. දැන් අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ. අද දවසේ සමහර වෛද්‍යවරුන්ට වේතනය ගෙවලා නැහැලු. මෙහෙම කොහොමද රටක් දුවන්නේ. “

Related posts

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin

මහින්ද සුළගේ පාවී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 6 ක් අද ආණ්ඩුවට

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday