Colombo Today Local News

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති පාලන මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි
කිරීම සදහා වන එකතගාවයක් වෙළද අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධි ක්‍රියාවක් බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා..

පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර
ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිල රුපියල් 99.00 ක් බවත් ඒ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ වලංගු නීතිය
උල්ලංඝණය කිරීමක් බවත් විතානගේ මහතා පෙන්වා දෙයි.

සහල් සදහා ද පාලන මිලක් නියම කර ඇති බවත් ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන
ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයක් බවත් පෙන්වා දෙන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම දූෂණයට එරෙහිව අප සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි.

භාණ්ඩ මිල පාලනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියාමගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම එම සංවිධානය දැඩිව හෙළ දකින අතර භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සදහා ව්‍යාපාරිකයින් අතර එකගතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27 ට පාලන මිලක් පනවා ඇති
භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිල පාලනය කිරීම සදහා වෙළද අමාත්‍යවරයාට ඇති නොහැකියාම මනාව පෙන්නුම් කරන බවත් පෙන්වා දෙති.

මෙම ක්‍රියාව වෙළද අමාත්‍යවරයා සිය නිරුවත සිය අතින් වසා ගැනීමට උත්සහ කිරීමක් බව පෙන්වා දෙන විතානගේ මහතා පාරිභෝගිකයින් ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළද සැළකින්ම සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසයි.

Related posts

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුව 20තෙක් බලරහිත කෙරේ…

Admin

බදියුදීන්ගේ දෙකක්, හකීම්ගේ එකක් පනී… ඇමතිකම්වල දිවුරන්න සූදානම්…

colombotoday

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday