Colombo Today Local News

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

දෙමළ ජනතාව බිල්ලට දෙමින් හා ඔවුන් රවටමින් දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එක්ව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය දිනා ගැනීම ස`දහා ඔවුන් මේ දිනවල පෙළපාලි යමින් සිටියත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් එකක් හෝ සාධාරණ ඉල්ලීම් නොවන බවයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ උරුමයන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම කිසි දිනක සාර්ථක නොවන බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රීවරයා, දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාව රවටමින් ගෙන යන මේ බොරු ප‍්‍රචාරයන් නිසා දෙමළ ජනතාව තව තවත් රැුවටී අසරණ වන බවද සදහන් කළේය.

දෙමළ ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ දේශපාලනඥයන්ගේ දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලබමින් රැුකියා කරමින් අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රීවරයා, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම ස`දහා යැයි කියමින් ඔවුන් මහපාරට ඇද දමා තිබීම තමන් තරයේම හෙළාදකින බවද පැවසීය.

දෙමළ දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කොමිසමට කේලාම් කීමට වඩා කෙළින්ම ශ‍්‍රී ලංකා රජය සමග මුහුණට මුහුණ සාකච්ඡුා කොට යම් විස`දුමක් ලබා ගැනීම සියලූ දෙමළ ජනතාවට යහපතක් බවද ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී පැවසීය.

Related posts

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

colombotoday

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

කරු, සිරිපාල, වෙල්ගම, විජිත හේරත්, සුමන්තිරන්, රංගේබණ්ඩාර ඇමරිකා ගිහින්

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday