Uncategorized

එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (03) පැවැසීය.

මිෂෙල් බැෂෙලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යැවූ බව ද අමාත්‍යවරයා කීය.

ඇමැතිවරයා පැවසුවේ වර්තමාන රජය කෙරෙහි ද්වේෂසහගත දැක්මකින්, තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීමත් චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් යන කරුණු හේතුවෙන් රජය ඇයගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ මොනාර්ෂ් හෝටලයේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි අන්තර්ගතය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලබන අවස්ථාවේ දී ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

සංකල්පීය වශයෙන් පැවැසුවහොත් ප්‍රධාන කාරණා 2ක් කියා ඇතැයි ද 30.1 සහ 40.1 යන යෝජනාවලින් ලබාදුන් විෂය පථයට පටහැනිව මේ වාර්තාව සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එම වාර්තාවේ පිටු දාහතරහමාරක් ඇති බවත් එයින් තම විෂය පථයට අදාළව ඇත්තේ පිටු දෙකහමාරක් පමණක් බවත් ගම්මන්පිල මහතා කීය.

අනෙක් සියල්ල තම විෂය පථයට පටහැනිව, වර්තමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂසහගත ලෙස වාර්තාවක් සකස්කර ඇතැයි පැවසූ ඔහු දෙවැනි කාරණාව වන්නේ වාර්තාවේ නගා තිබෙන චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වී තිබීම යැයි ද පැවැසීය.

මේ කරුණු පදනම් කරගෙන එකී වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ විස්තරාත්මක කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

මනුෂ වෙනුවට බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

Admin

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි

colombotoday

තවත් ස්ට්‍රයික් කළොත් බලපත්‍ර අහෝසියි.. 25000 දඩයත් වෙනසක් නෑ !

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday