Covid 19

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසීය.

එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වෛරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වෛරසය ආසාදනය වී තිබූ බව පැවසේ.

දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday