Colombo Today Local News

ගම්පහ-කළුතර පාසල් විවෘත කිරීම පෙබරවාරි 15 ?

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590ක් අතරින් 589ක් පෙබරවාරි මස 15 වන දින විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අද ‍(01)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් ඒ බව දන්වා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4ක් ඇති බවත්, ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් හා පිරිවෙන් මේ වන විට විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ද පැවසීය.

ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නම් එය විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි එවැනි පන්ති දෙකඩ බෙදා සතියේ දිනවල පැවැත්වීමට අවසරය ලබාදී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446ක් ඇති බවත් ඉන් පාසල් 442ක් විවෘත කිරීමේ හැකියාව පවතින බව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වාර්තා කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday