Colombo Today Local News

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ රාසික් නැමැත්තා විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා.

පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව මේ පිළිබඳව උවහන්සේව දැනුවත් කරන ලදි.

වසර ගණනාවක් පැරණි වෘක්ෂයන්ගේ මුල පොත්ත සුද්ධ කිරීමෙන් විශාල ප්‍රමාණයේ ශාක ගණනාවක් මරා දැමීමට කටයුතු කර ඇති ආකාරයක් මෙහිදී නිරීක්ෂණය විය.

එලෙස විනාශ කරන රක්ෂිත ප්‍රදේශ සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර නිකුත් කිරීමට පවා ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිවිය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල මුෂාරෆ් නැමැත්තා විසින් මෙලෙස බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කල බවත් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඥානසාර හිමිට පැමිණිලි කළහ.

බලධාරීන් සමග සාකච්ඡා කර සිදුවෙන විනාශය නැවත්වීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඥානසාර හිමියෝ පැවසුහ.

Related posts

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

තම දඬුවම ගැන නැවත සලකා බලන්න – රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

colombotoday