Colombo Today Local News

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

මංගල උත්සවයක් අතරතුර මනාලියගේ සහෝදරයා හදිස්සියේ මිය ගිය පුවතක් පසුගියදා පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අවුරුදු 38ක තිදරු පියෙකු වන ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තම නැගණියගේ මංගල උත්සවය සඳහා පිළියන්දල වෑවල ප්‍රදේශයේ උත්සව ශාලාවකට ගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේදී හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිට ඇති අතර උත්සවය අතර තුර ඔහු හදිසියේ ඇඳ වැටී ඇත.

මොහු පිළියන්දල දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර එලෙස රැගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මළසිරුර පී.සී.ආර්. පරික්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ (26)දින යොමු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මෙලෙස මිය ගොස් ඇති බවයි.

පිළියන්දල පොලිසිය විසින් මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Related posts

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday