Colombo Today Local News

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

ඕමාරේ කස්සප අනු නාහිමි විසින් ඊයේ (26) නාරාහේන්පිට අභයාරාමයේ පැවති පින්කමක් අතරතුර දී ඥානසාර හිමිව විශේෂ ඇගයීමකට ලක්කර සිටියා.

එහිදී අනු නාහිමියෝ දැක්වූ අදහස්…

“ඥානසාර හාමුදුරුවන්ට දුර දිග ගමනක් තිබෙනවා. ඉතාම වාසනාවන්ත කටහඬක් දායාද කරගෙන ඉන්නවා. මම ආසම කටහඬක්. මේ පුජාව මගේ හදවත සම්පුර්ණයෙන්ම සංතෘප්තියට පත්වන ආකාරයට සිදුකරා. එවැනි කුසලතාවයක් ඔබ වහන්සේට තිබෙනවා. ඔබට බැරි මොකද්ද කියලා මට හිතා ගන්න බෑ.”

“ඔබ වහන්සේ දැවැන්ත ඉවසීමකින් කටයුතු කරන්න. ඔබ වහන්සේ ගෙනයන වැඩපිළිවෙල එදාට වඩා අද පරිණතයි. ඒක මට ඊළඟ සතුට. මම අතිශයින් සතුටු වෙනවා තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට. ඇත්ත යුක්තිය කට කෑවත් කතා කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියටයි ඔබ වහන්සේ මේ ගෙන යන මෙහෙවර. හැබැයි ඔබ වහන්සේගෙන් අපි තව වැඩ ගන්න ඕනි. මේ මහා සංඝරත්නය කල්පනා කරන්න ඕනි මේ තියෙන කුසලතාවයන් එක්ක.

Related posts

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

පල්ලිවලින් අල්ලන කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට පෙන්වීම තහනම් – රජයෙන් මාධ්‍ය ආයතනවල නියෝග

colombotoday