Colombo Today Local News

නැගෙනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට(25)දින රැස්වීමට නියමිතව තිබේ.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්වල අන්තර්ගත යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබාදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළේ ය.

Related posts

විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්

Admin

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday

කිරිපිටි මිල පහලට

Admin