Covid 19

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (23)දින තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳෙවියාගේ ශරීරයේ තිබූ තුවාල නිසා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22)දින රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු 60 හැවිරිදි වුඩ්ලන්ඩ්වත්ත ගොනාපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකී රැඳෙවියා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22)දින කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එම කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙකී කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව දිසා අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (23)දින කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday