Covid 19

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට‍ සහ දරුවාට ද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අද(18)දින තහවුරු වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් අද එම සැලසුම් අංශය තාවකාලිකව වසා එම සහකාර අධ්‍යක්ෂකවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවකට පී. සී. ආර්. පරීක්ෂණ කළ බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 15 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එයට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.

එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහකාර අධ්‍යක්ෂකවරයා අසලම පුටුවක වාඩි වී සිට ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුර සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බිරිඳ හා දරුවා කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.

Related posts

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

colombotoday

එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි | දැනට කොරෝනා ආසාදිතයින් 3,051ක්

colombotoday

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday