Colombo Today Local News

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී බස්රථයක් ඇළකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

අද (09)දින අදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බස්රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළ මාර්ගයට පෙරළී ඇති බව සඳහන් වේ.

අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday