Colombo Today Local News

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවේ පෙන්වා දුන් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්, එම සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, සේලවම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද(07)දින කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදි ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී කළ සාකච්ඡාව පිළිබදව කළ විමසීමට පිළිතුරුදෙමින් ඔහු මේ බව කීය.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් බොහෝදෙනෙකුට මෙරටට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට ඔවුන්ගේ මුල් ඉඩකඩම්වල හමුදාව රැදී සිටින නිසා බවත්, එබැවින් එම සරණාගත ලාංකිකයින්ට මෙහි පැමිණ ජීවත්වීමට අවශ්‍ය නිවාස යටිතල පහසුකම් හා ජීවනෝපාය මාර්ග සකස් කරදිමට ඉන්දීය රජය කටයුතු කළ යුතු බවත් ජයශංකර් මහතාගෙන් සිය සන්ධානය ඉල්ලා සිටි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව සඳහා වන යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ අවධානයට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.

මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ යෝජීත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කොට ඇති යෝජනා ඇතුළත් වාර්තාවේ පිටපතක්ද ජයශංකර් මහතා වෙත ලබාදීමට කටයුතු කළ බවය.

විශේෂයෙන් මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ කළ ප්‍රකාශය වෙනුවෙන් සිය සන්ධානය ජයශංකර් මහතා වෙත සිය ස්තුතිය පුදකර සිට බවද ඔහු කියා සිටියේය.

උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජය දායකත්වය දක්වන්නේ නම් සිය සන්ධානය එයට කැමැති යැයිද එයට හැකි සෑම සහයෝගයක්ම දෙමළ ජාතික සන්ධානය ලබාදීමට කැමැති යැයිද තම නියෝජීත පිරිස ජයශංකර් මහතා හමුවේ ප්‍රකාශ කර සිටි බවද මාවෙයි සේනාධිරාජා මහතා කීය.

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යනවා යැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ ජෝගි නටයි. විනාඩියකට රුපියල් ලක්ෂයක් වියදම්වන බව කතානායක කියයි.

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday