Colombo Today Local News

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.

පසුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ අතර, ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05)දින සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණි.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඊයේ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

ඒ, රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමටද නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා විය.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2011 වසරේ සිටම එහි තැන්පතුකරුවන්ගෙන් වරින්වර චෝදනා එල්ල විය.

තැන්පතුකරුවන්ට ඔවුන්ගේ හිමිකම් ලබාගැනීමේ ගැටලු උද්ගතවූ අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණ සහ විරෝධතා සිදුකෙරුණි.

සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මස 09 වනදා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ එම කොමිසමේ සභාපතිත්වය දැරීය.

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් යන ආයතනවල තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමද ඉකුත් වසරේ ජූලි මස 25 වැනිදා ආරම්භ කෙරුණි.

ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණේ ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා ය.

එම වාර්තාව මත පදනම්ව තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා මත ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

Related posts

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

colombotoday

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday