Covid 19

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පෑලියගොඩ නගර සීමාව භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී චින්තක මහතා සඳහන් කළේ, පසුගිය 30 වන දින සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ වෙළෙඳසැල්හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් 112 දෙනෙකු එහිදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර තිබේ.

හඳුනාගත් ආසාදිතයින් රෝහල් වෙත ගෙන යාමට අද (02) දිනය තුළ කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී චින්තක මහතා සඳහන් කළේය.

Related posts

තවත් කොරෝනා මරණ 7ක්

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 582ක්

colombotoday