Business

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.12 ක් සහ විකුණුම් මිල රු. 189.18 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මෙය පසුගිය දෙසැම්බර් 16 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

පසුගිය සතියේ දෙසැම්බර් 24 දින වන විට ඩොලරයක ගැනුම් මිල රු.189.08 ක් හා විකුණුම් මිල රු.194.66 ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව අවධාරණය කර සිටියේය.

Related posts

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

colombotoday

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

colombotoday

සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්

colombotoday

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

colombotoday