Colombo Today Local News

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණියේය.

ඉන් පසුව දෙවැනි කණ්ඩායම ලෙස දෙසැම්බර් මස 29 වන දින යුක්‍රේන ජාතිකයින් 204 දෙනෙක් මත්තල ගුවන්තොටුපොළින් මෙරටට ඇතුළු විය.

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට….[PHOTOS]

colombotoday

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin