Colombo Today Local NewsUncategorized

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කර තිබේ.

සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇතැයි රජය සඳහන් කරයි.

විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් එම කටයුත්ත සිදුකරනු ලබයි.

ඒ අනුව විශේෂිත කාලසටහන්වලට අනුකූලව ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙහෙයුම් කටයුතුවල නිරත වීමට නියමිතය.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday