Colombo Today Local News

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

ලබන 26 වැනි දා සිට දෛනිකව විදේශීය සංචාරකයින් 300 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ඊයේ දිනයේ කොවිඩ් රෝග මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග සාකච්ජා කළ බවය.

එහිදී උපදෙස් දී ඇත්තේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට පී.සී.ආර් පරීක්ෂණ 2 ක් සිදුකර දින 14 ක් නිරෝධායනයෙන් පසු සීමිත සංචාරක කලාපයක් තුළ සංචරණයට පහසුකම් සැලසීමටයි.

අදාළ දින 14ක කාලය හෝටල් තුළදී ගත කිරීමට පහසුකම් සලසන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

විදේශ සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ පෞද්ගලික අංශයේ ප්‍රමිතගත රෝහල් හරහා සිදු කෙරෙනු ඇති.

වැඩපිළිවෙල යටතේ ලොව ඕනෑම රටක සංචාරකයින්ට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණිය හැකි බව ද ඔහු පැවසුවේ ය.

විදේශීය සංචාරකයින් සඳහා ලබන 26 වැනි දා සිට කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් රුසියානු හා යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ද සංචාරක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ ය.

Related posts

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday