Covid 19

පොළොන්නරුවේ පාසලක සිසුන් දෙදෙනෙකුට කොරෝනා

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව අදාළ පාසලේ පාලනාධිකාරිය පැවසීය.

මෙම දරුවන් දෙදෙනාගේ පියාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

මේ අතර වවුනියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරිමේ උත්සවයට සහභාගී වූ නීතිඥවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම උත්සවයට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

කෙසේවෙතත් එහි ප්‍රතිඵලවලට අනුව කිසිදු අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

කෙසේවෙතත් ඉන් කිසිදු රෝගියෙකුට රෝහල තුළදී වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වේ.

ඒ හේතුවෙන් ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලට පැමිණීමේදී අනියත බියත් ඇති කර ගතයුතු නොවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මේ අතර අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට දෛනිකව අවශ්‍ය වන විෂබීජහරණ දියර ඔවුන් විසින්ම නිපදවා ගැනීමට පියවර ගෙන ඇත.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වෙළෙඳපොළ තුළ පවතින මිලට වඩා කැපී පෙනෙන ලෙස අඩු මිලකට විෂබීජහරණ දියර නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකිවූ බවය.

Related posts

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11කට කොවිඩ්

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

මාරවිල රෝහලේ වෛද්‍යවරු 8කට කොරෝනා.. කාර්ය මණ්ඩල සාමාජිකයින් 31ක් ආසාදිතයින් | වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය වැසෙයි

colombotoday

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday