Colombo Today Local Newsextremism & terrorism activities

මාලදිවයිනේ බෑ… වලලන්න ඕනි ලංකාවේමයි. – අලි සහීර් මවුලානා කියයි

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මළ සිරුරු මාලදිවයිනේ භූමිදානය කිරීම අවශ්‍ය නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ප්‍රකාශ කල බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

“අපට අවශ්‍ය වන්නේ අපේම භූමියේ මිහිදන් කිරීමටයි.” යනුවෙන් පවසා ඇති අලි සහීර් මවුලානා “ඇත්ත වශයෙන්ම, මාලදිවයින් රජය එය පිළිගැනීම සතුටක් නමුත් එය අපේ ජනතාවට සිදුකරන කනේ පහරකි. අපි හැමෝම මෙහේ ඉපදුණා, අපි මෙහේ ජීවත් වුනා, අපිට මෙතන මැරෙන්න ඕන.” යැයි වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රභල චරිතයක් වූ අලි සහීර් මවුලානා මෑතකදී එම පක්ෂයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව සිටියි.

Related posts

ඇමති ෆවුසිට වාහනයක් ගන්න කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

colombotoday

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin