Colombo Today Local News

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව ඊයේ (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17)දින සඳහන් කරයි.

වෙළඳසැල් හතරක් සහ රේස්බුකියක මෙලෙස කොරෝනා ආසාදිත පුද්ගලයන් පස් දෙනකු හමුවීමත් සමඟ හඳුනාගත් ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කර එම වෙළෙඳ සැල්වල සේවය කළ සේවකයින් දහදෙනකු ස්වයං නිරෝධායනට ලක්කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙයට පෙරද අලුත්ගම නගරයේ වෙළඳසැල් පහක පුද්ගලයන් පස්දෙනෙකු කොවිඩ් 19 ආසාදිත වීමෙන් වෙළඳසැල් වසා දමා අවට විෂබීජහරණය කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ වන විට අලුත්ම පොලිස් වසම තුළ පමණක් කොරෝනා රෝගීන් අනූ තුන් දෙනකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් තිස් දෙනෙකු සුවය ලබා ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානයේ කොවිඩ් 19 පැතිරීයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.

Related posts

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

colombotoday

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin