Colombo Today Local News

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ, පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම මත්පැන් පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පෙරේදා (13)දින රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානයකර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් ය.

Related posts

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

පාර්ලිමේතුවේදී මම සරම උස්සා බහුතරය පෙන්නුවා.. ඒක මදිනම් ඔලුවෙන් හිටගෙන තුනෙන් දෙක පෙන්නවා – වෙදආරච්චි

colombotoday