සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් සමග අංගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.