Colombo Today Local News

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන තිබේ.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකක දී තහවුරු වූ පසුබිමක ඒ පිළබඳව පර්යේෂණ රැසක් ආරම්භ විය.

පසුගිය 08 වැනිදා මෙම ඖෂධය ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ ඖෂධ නිෂ්පාදන කටයුතුද තාවකාලිකව අඬාල විය.

කෙසේ නමුත් ඊයේ (11) දිනයේදීත් ජනතාව කෑගල්ල, උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට රැස්ව සිටි අතර ඖෂධය නිෂ්පාදනය කර නොතිබීම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව සිටියේය.

අනතුරුව පොලීසිය මැදිහත්ව එම පිරිස ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටියේය.

මේ තත්ත්වය මත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහාපරිමාණයෙන් ඖෂධ ඇඹරීම සිදුකළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගත්තේය.

Related posts

අලුත්කඩේ ඉර්ෂාඩ් ඝාතනය කර සිරුර කැලණියේ දමා ගිහින්. විමර්ශන්‍වලදී කරුණු රැසක් හෙළිවෙයි

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

ක්‍රි.ව. 10වන සියවසට පෙර උතුරේ දෙමළ ජනතාව සිටිය බව ඔප්පු කරන්න. එල්ලාවල හිමිගෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්‌

colombotoday

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday