Colombo Today Local News

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

මුහුණු පොත හරහා ඇති වූ දැන හැඳිනගැනීමක් මත බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතවර කළ අම්බලන්තොට තරුණයකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය පෙරේදා 10)දා නියෝග කළාය.

14 හැවිරිදි සිය දියණිය පසුගිය 08 දා සිට නිවසින් අතුරුදන් වී ඇති බවට දැරියගේ පියා විසින් ලූණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරු හා බාලවයස්කාරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු හා බාලවයස්කාරිය අතර මුහුණ පොත හරහා වසර එක හමාරක පමණ කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

දැරියගේ ඉල්ලීම අනුව සැකකරු දැරියගේ නිවස අසලට ගොස් තිබේ. එම අවස්ථාවේදී ඇය පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියටවිත් සැකකරු සමග පලාගොස් තිබේ.

දුරකතන ඇමතුම් වාර්තා හරහා සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු ප‍්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහෙස්ත‍්‍රාත් වරිය සැකකරු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

ලූණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. එල්. ජී. නිමල්, කා.පො.සැ. (5871) රම්‍යා, පො.සැ. වරුන් වන (58269) ලාල්, (44974) මංජුල හා පො.කො. (77923) හේරත් යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

colombotoday

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday