Colombo Today Local News

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

වෙලම්බොඩ, ඌරදෙණිය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 4000කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කසළ තේ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කසළ තේ කිලෝග්‍රෑම් 3,861ක් නිලධාරින් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

සැකකරු වෙලම්බොඩ, අඹගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

අත්අඩංගුවට ගත් සැකකරුට ලබන 11 වනදා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලිසිය භාරයට ගත් කසළ තේ පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස ගම්පොළ ප්‍රාදේශීය තේ මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර වෙලම්බොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වියදම් කල මුදල් මෙන්න

Admin

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

colombotoday

බැසිල්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

colombotoday