Colombo Today Local News

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් පරීක්ෂා කිරීමේ දී භාවිතයට ගන්නා සෞඛ්‍ය ආරක්ෂණ ඇදුම් කට්ටල (PPE Kits) කිහිපයක් ගිරිතලේ ඇළ මාර්ගයකට දමා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබේ.

ගිරිතලේ දියබෙදුම ප්‍රධාන මාර්ගයේ ඉදිපිටිය කබරබෝක්කුව අසල ඇළ මාර්ගයකට එම ඇදුම් කට්ටල විසිකර තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

එම ප්‍රදේශය අවට විසිකර දමා තිබූ ඇඳුම් කට්ටල 04ක් සොයාගැණුනි.

එම ඇළ මාර්ගය ඔස්සේ ගිරිතලේ වැවට ජලය සැපයෙන අතර ගිරිතලේ වැවෙන් සිය පානීය ජල අවශ්‍යතාවයන්ද සපුරා ගන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.

සිද්ධිය පිළිබඳව දැනුම්දීමෙන් පසු පොලීසිය පැමිණ අදාළ ඇඳුම් කට්ටල ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.

Related posts

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday