Colombo Today Local News

බුරවි කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් මුහුදු තීරයට ගොඩගසි

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයාගේ මළසිරුර දින තුනකට පසුව හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

පසුගිය 01 වනදා රාත්‍රියේ මසුන් ඇල්ලීම සඳහා අදාල ධීවරයා මුහුදු ගොස් නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් දමා තිබුණි.

කෙසේ වෙතත් පසුදින උදෑසන සිට බුරවී සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුහුදේ ඇති වූ රලු ස්වභාවය හේතුවෙන් අතුරුදන් වූ ධීවරයා සෙවීමේ කටයුතුද අසීරු වීය.

මේ අනුව ඊයේ (03)දින සවස යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ මුහුදු තීරයට අතුරුදන් වූ ධීවරයාගේ සිරුර ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයකු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබුණි.

බුරවී සුලිකුණාටුවට අදාල ධීවරයාගේ යාත්‍රාව හසුව විනාශ වීම හේතුවෙන් ධීවරයා දියේ ගිලී මෙම මරණය සිදුවන්නට ඇති බවට ධීවරයින් සැක පළ කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නැමත්තෙකි.

Related posts

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday