Colombo Today Local News

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.

ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා කීය.

දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.

Related posts

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

Video: ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු ඩිලාන් පගර නැට්ටා අද ජනාධිපතිතුමාට සීනි බෝල කවනවා – හරීන් ප්‍රනාන්දු

colombotoday

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday