Colombo Today Local News

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

මහියංගණ ප‍්‍රාදේශීය සභාවට කොරෝනා වසංගත සමයේ එහි පාලන කටයුතු සඳහා බඳවා ගන්නා ලද තාවකාලික සේවකයන් පිරිසක් පහරදීම හේතුවෙන් සිදු වූ තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමටයැයි පවසමින් වටරැක විජිත හිමි මහියංගණ මූලික රෝහලට 28 වැනිදා (පෙරේදා) ඇතුළත් වී ඇත.

මොහොමඩ් වටරැක විජිත (හිමි) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම භික්ෂුන් වහන්සේ මුදල් වෙනුවෙන් ජාතිය ආගම පාවා දෙන බවට පසුගිය කාලය පුරාම සිවිල් සංවිධානවල විවේචනයට ලක්වූ තැනැත්තෙකි.

වරක් බොදු බල සේනා සංවිධානයෙන් තමන්ට පහර දුන් බවට සඳහන් කරමින් රෝහල් ගත විය. පසුව සිදුකෙරුණු පොලිස් පරීක්ෂණයන්ගෙන් යතුරක් උපයෝගී කරගෙන තම ලිංගේන්ද්‍රියට තමන් විසින්ම හානි සිදුකරගෙන රෝහල් ගතවූ බවට හෙළිවූ අතර ඊට සැකපිට වටරැක විජිත (හිමි)ගේ සහෝදරයා ද අත්අඩංගුවට පත් විය.

Related posts

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday

කොළඹ – කතරගම ධාවනය වන අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS යන්ත්‍ර..

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

රටේ කිසිම පොල් හිඟයක් නෑ

Admin

ගල්කිස්ස මහේස්ත්‍රාත් නිවසට හොරෙන් විදුලිය ගත්තේ දැන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ?

colombotoday