Covid 19

අහඹු පරීක්ෂාවකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතා පැවසුවේ, ආර්ථීක මධ්‍යස්ථානය ආශ්‍රිතව කරන ලද අහඹු පරීක්ෂාවකින් එම ආසාදිතයින් හඳුනා ගත් බවයි.

ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු පරීක්ෂාවට ලක්කර ඇති පිරිස 200 කි.

හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් තිදෙනා ගලහ, එප්පාවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් බැවින් ඔවුන් පැමිණි බව කියන වෙළෙඳසැල් 3 ක් වසා දැමීමට පියවර ගත් බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ , ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

colombotoday

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

ළමා නිවාසයක අවුරුදු පහට අඩු දරුවෝ 27කට කොවිඩ්

colombotoday