extremism & terrorism activitiesWorld

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

2005 දී ත්‍රස්තවාදී චෝදනා තුනකට වැරදිකරු වීමෙන් පසු ඇල්ජීරියාවේ උපන් මුස්ලිම් පූජකයෙකු වූ අබ්දුල් නසර් බෙන්බ්‍රිකාගේ පුරවැසිභාවය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසිභාවය අහිමි කළ පළමු පුද්ගලයා බෙන්බ්‍රිකා ය.

ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම දෙයක්ම අපි කරන්නෙමු

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් පැවසුවේ බෙන්බ්‍රිකා රටට සැලකිය යුතු ත්‍රස්ත තර්ජනයක් එල්ල කර ඇති බවත් ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය හැකි සෑම දෙයක්ම කරන බවත්ය. “ඔහු අපේ රටට සැලකිය යුතු ත්‍රස්ත තර්ජනයක් එල්ල කරන පුද්ගලයෙකි, එනිසා ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම දෙයක්ම අපි කරන්නෙමු” යනුවෙන් ඩටන් පැවසීය.

“වැරදිකරු වූ ත්‍රස්තවාදී බෙන්බ්‍රිකාගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය මම අවලංගු කළෙමි. ඔහු පුරවැසිභාවය අහිමි වූ පළමු පුද්ගලයා බවට පත්විය.”

බෙන්බ්‍රිකාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට දින 90 ක් ඇත.

ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙහෙයවීම, ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයෙකු වීම සහ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමට අදාළ තොරතුරු සන්තකයේ තබා ගැනීම යන චෝදනාවලට වරදකරු වීමෙන් පසු බෙන්බ්‍රිකා සිරගත කරන ලදී. ඔහු තවමත් ඕස්ට්‍රේලියාවේ සිටින්නේ ඕස්ට්‍රේලියානු නීතියට අනුව ඔහුගේ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසුව වුවද, ත්‍රස්ත අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයෙකුට ඔවුන්ගේ දඬුවම අවසන් කිරීමෙන් පසු වසර තුනක් දක්වා රඳවා තබා ගත හැකිය. තම පුරවැසිභාවය අහිමිවීම පිළිබඳව බෙන්බ්‍රිකාට දන්වා ඇති බවත්, ඔහු සිරගතව සිටින බවත්, අතුරු රැඳවුම් නියෝගයක් ක්‍රියාත්මක වන බවත් ඩටන් පැවසීය. ඔහු රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුගේ නීතිඥයින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

නැවත ඇල්ජීරියාවට යාමට බෙන්බ්‍රිකාට දින 90 ක කාලයක් තිබේ.

Related posts

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරක – 31ක් ජීවිතක්ෂයට

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday